අනර්කලීට මං වයස වැඩි වුණා - රන්ජන් රාමනායක රහසක් හෙලි කරයි

රන්ජන් රාමනායක කියන්නේ නොදන්න කෙනෙක් නමෛයි. කාලයක් තිස්සේ ජනප‍්‍රිය කෙනෙක් නිසා රන්ජන් ගැන විස්තර ගොඩක් දෙනා දන්නවා. අපි මේ ඉඩ වෙන් කළේ රන්ජන් ගැන දන්නා දේවල් අතර හැංගුණු නොදන්නා රහස් ටිකක් දැනගන්න.

සම්පූර්ණ නම - සද්ද විද්ද රාජපක්ෂ පලග පතිර අඹතැන්න ආරච්චිලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්‍පෝන්සු රාමනායක

උස - අඩි 5 අගල් 11

බර -කිලෝග‍්‍රෑම් 81

බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න හිතුවේ ඇයි?
ෆිට් එකේ ඉන්න එක කෝකටත් හොඳයිනේ කතාවටත් කියනවානේ රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ කියලා.

වැඩිපුර




කැමැති නළුවෙක් කියනවටද බොඩි බිල්ඩර් කෙනෙක් කියනවටද?
මම ඔය දෙකම කරන බව ඇත්ත. ඒ වුණාට මම කැමැති මට හිත හොඳ මනුස්සයෙක් කියලා කියනවාට.

ඔය විදියට පෙනුම තියාගන්න මාසෙකට කීයක් විතර වියදම් කරනවාද?
ඇග හදාගන්න කියලා විශේෂයෙන් වියදම් කරන්නේ නැහැ. එළවළු, මාළුවලට, වතුර පලතුරු වගේ දේවල්වලට තමයි වියදම් වෙන්නේ. අනිත් එක ව්‍යායාම් උපකරණ ගන්න වියදම් කරනවා.

ලංකාවේ ලස්සනම නිළියෝ ආශ‍්‍රය කරලත් අනගාරික වෙන්න හදන්නෙ ඇයි?
ලස්සන කෙල්ලෝ හිටියා. තාමත් ලස්සන කෙල්ලෝ එක්ක වැඩ කරනවා. හැබැයි ඒ කෙල්ලෝ එක්ක තියෙන සම්බන්ධකම් විවාහයක් තරම් දුර ගියේ නැහැ. ෂූටිං ඉවර වෙද්දී ඒ සම්බන්ධකමුත් ඉවර වෙනවා.

පෙම්වතියන්ගේ ලැයිස්තුව කොච්චර විතර දිගද?
එහෙම කියන්න බැහැ. මට ආදරෙයි කියපු හැමෝටම මමත් ආදරෙයි කියලා කියලා තියෙනවා. ආදරේ කියන්නේ සුන්දර දෙයක්නේ.

පළවැනි දැක්මෙන් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුළුවන්ද?
අ‍පොයි පුළුවන්. එහෙම ආදරයක් ඇතිවෙන්නේ පෙර ආත්මවල බැඳීමක් තියෙන කොට.

ගැහැනු ළමයකුගේ මොන දේවල්වලටද ආකර්ෂණය වෙන්නේ.?
ගැහැනුකමට. ගැහැනු ළමයෙක් වුණාම ගැහැනුකම පිරිලා තියෙන්න  ඕන.

චිත‍්‍රපටවල රගපානවා කියලා කරන්නේ ඇග පෙන්වන එක කියලා චෝදනාවක් ආවොත්?
ඇග පෙන්වන්න  ඕන තැන්වලදී ඇග පෙන්නනවා. ඇග පෙන්වන්න  ඕන නැති තැන්වලදී ඇග පෙන්වන්නේ නැහැනේ.

රන්ජන් රාමනායක කියන්නේ අද සිංහල සිනමාවේ සුපර් ස්ටාර්ද?
මාව සුපර් ස්ටාර් කරලා තියෙන්නේ මගේ රගපෑම්වලට කැමැති අය සහ විචාරකයෝ. මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක සුපර් ස්ටාර් කෙනෙක් බව දැනෙනවා.

කැමැතිම සමකාලීන නිළියෝ කවුද?
මම කැමැතිම රමණි බර්තොමියුස්ට. ඒ තමයි මට වාසනාව ගෙනාපු නිළිය. ඊට පස්සේ සංගීතා වීරරත්නයි, දිල්හානි ඒකනායකයි.

රන්ජන්ගේ ජනප‍්‍රියකම හැමදාම තියේවිද?
ඒක ඉතිං වාසනාව අනුව තමයි තීරණය වෙන්නේ අද හීරෝ හෙට සීරෝ වෙන්නත් පුළුවන්.

දේශපාලනයට ඇවිත් රන්ජන් කියන නළුවා නැත්තටම නැති වුණා කිව්වොත්?
මම නම් එහෙම හිතන්නේ නැහැ. ඉස්සර මගේ වටේ හිටියේ රන්ජන් කියන නළුවාට කැමැති පිරිසක් විතරයි. අද රන්ජන් කියන දේශපාලකයාට කැමැති පිරිසකුත් ඉන්නවා.

අන්ර්කලීව ක්‍ෂේත‍්‍රයට ගෙනාවේ රන්ජන්ද?
අනර්කලී මුලින්ම රගපාපු චිත‍්‍රපටය වන්ෂොට්

දැන් අනර්කලීට අකැමැති විරුද්ධ පක්ෂෙ නිසාද?
එහෙම අකැමැත්තක් නැහැ. අපි නිතර කතාබහ කරන හොඳ යාළුවෝ

එතකොට දෙන්න ගහ බැණ ගත්තේ?
ඇත්තටම ඒ මොකටද කියලා මට මතක නැහැ. ඒ රණ්ඩුව ඒ වෙලාවට විතරයි. ඊට පස්සේ යාළුවෙලා හොඳට කතා කරනවා.

අනර්කලීගේ කැමැතිම ගතිගුණය?
තරහ හිතේ තියා ගන්නේ නැති එක

කවදාවත් අනර්කලීව බඳින්න හිතිලා නැද්ද?
එකට වැඩ කරපු කා‍ලේ එහෙමත් හිතුණා. මම ඒක අනර්කලීට කිව්වම එයා කිව්වේ මම වයස වැඩියි කියලා.

තමන්ගේ ජනප‍්‍රියකමෙන් අනුන්ව දිනවන්න ස්ටේජ්වලට නගින්නේ ඇයි?
ඒක මම කරන්නේ අපි කණ්ඩායමක් විදියට දිනන්න  ඕන නිසා. මගේ ජනප‍්‍රියකමෙන් වැඩක් ගන්න පුළුවන්. ඒකත් හොඳයිනේ.

කවුරුහරි කිව්වොත් රන්ජන් හෙට මැරෙනවා කියලා.කමක් නෑ. මම තනිකඩයි. රගපෑවා, ජනප‍්‍රිය වුණා, දේශපාලනය කළා කියලා බය නැතුව සතුටින් මැරෙන්න පුළුවන්.

-නෙලූෂා සිල්වා-

0 comments:

Post a Comment